අලියන්ට ළමයින්ට දගලන්ටමයි හිත.. ඕනෑම දරුවෙක්
දගකාරයි.දගකාරකම කියන්නේ නිරෝගීකමේ ලක්ෂණයක්.නමුත් අසාමාන්‍ය ලෙස ඔබේ දරුවා
දගකාරනම් එය අසනීප තත්ත්වක් කියලා ඔබ දන්නවද ?මේ අසමාන්‍ය දගකාරකම වෛද්‍ය විද්‍යාවේදී හදුනාගෙන තියෙන්නේ
අසනීප තත්වයක් කියලයි.අධික්රියාකාරී හෙවත් ADHD කියල මෙම
අසනීප තත්වය හදුන්වනවා. Attention
Deficit Hyperactive Disorder කියල
හදුන්වන්නෙත් මේ අසනීපයම තමයි.
මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරී දරුවන් 5%
අපි අතරේ සිටිති .
මෙය දරුවාගේ වරදක් නෙවේ.
දෙමාපියන්ගේ වරදක් නිසා එසේ නැතිනම්
දෙමව්පියන්ගේ හැසිරීම් රටාවල සිදුවන අඩුපාඩුවක් නිසා සිදු නොවන දෙයකි.මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරීත්වයට
හේතුව මොළයේ රසායනික වෙනස් වීමකි.
ADHD කියන්නේ මොකක්ද?
මොළයේ සිදුවන රසායනික ද්‍රව්‍යන්ගේ වෙනස්වීමක් නිසා මෙම තත්වය ඇතිවෙන බව මනෝ වෛද්‍යවරු
පවසයි. මේ නිසා දරුවන්ගේ හැසිරීම් හා සිතුවිලි
පාලනය කරන මධ්‍යස්ථානය නිසි ලෙස ක්‍රියාකාරී නොවේ.
ADHD වල ලක්ෂණ
මොනවද?
1.ඌණ අවධානය
2. අධි ක්‍රියාකාරීත්වය
3.ආවේගශීලිබව
ADHD නැතිනම් අධි ක්‍රියාකාරී
දරුවෙකු හදුනාගන්නේ කෙසේද?
v ආවේගශීලිබව.v අවදානම් වැඩ කිරීම.v තරහ පාලනය කරගැනීමට නොහැකිවීම
v නිතර ප්‍රශ්න ඇසීම.v තේරුමක් නැතිව කතා කිරීම.v ඔහුගේ අවස්ථාව එනතුරු සිටීමට නොහැකි වීම.v කකුල් වේගයෙන් සෙලවීම.v වැඩක් දුන් විට අවසන්වනතුරු කිරීමට නොහැකිවීම.v පාසල් පණිවිඩ රැගෙන නොඑම.v සටහන් වල ඉස්පිලි පාපිලි අඩුවීම.v පොත් වල සටහන් අසම්පූරණ වීම.v පංතියේ ඇවිදීම .v තමාගේ පාසල් උපකරණ නිතර අමතක කර පැමිණීම හෝ නැතිකරගැනීම .v කිසිම තේරුමක් නැතිව දිවීම.v පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.v අනෙක් අයට බාධා කිරීම.v කණ්ඩායමක් සමග සහයෝගයෙන් වැඩකිරීමට අපහසුවීම .v ඔහුගේ අවස්ථාව එනතුරු සිටීමට නොහැකි වීම.
ADHD දරුවෙකු සදහා කළහැකි ක්‍රියාකාරම්
v
දරුවාගේ
හැසිරීම් නිසා මානසික අවපීඩනයට පත්වීම
v
පාසල් වැඩ
කිරීමට දරුවා යොමු කරවා ගැනීමට අපහසුවීම
v
දරුවා සමග වැඩ
කිරීමේදී ඔහුට තරහ යාම නිසා ඇතිවන ගැටළු
v
ගුරුවරුන්
නිතරම දරුවා ගැන පැමිණිලි කිරීම නිසා
පීඩනයට පත්වීම
v
අවදානය අඩු කම
නිසා ලකුණු මට්ටම මෙන්ම අධ්‍යාපනයට උනන්දුව අඩුවීම නිසා පීඩාවට පත්වීම
v
පිරිසක් ඉදිරියේදී
දරුවා සිදුකරන දගකාරී හැසිරීම් නිසා අපහසුතාවයට පත්වීම
ADHD ඇතිවීමට බලපාන හේතු
v
බොහෝවිට ජාන
මගින්
v
මොළයේ සිදුවන රසායනික වෙනස්කම්
v
දරුවා ලැබීමට
සිටන කාලයේදී මව දුකින් කලකිරීමෙන් හෝ මානසික අවපීඩන තත්වයෙන් සිටීම
v
හිසට සිදුවන
අනතුරු
v
දරුවාගේ
උපත්බර අඩුවීම
v
මත් ද්‍රව්‍ය
වලට යොමු වී ඇති දෙමාපියන්ගේ දරුවන්
v
දරුවාගේ මොළයේ
pre frontal කොටසට හානීවීම
v
ඇතැම් වෛරස්
අසාදන නිසා
v
නොමේරූ දරුවන්
හා ස්නායු පද්ධතියට ඇතිවන අසාදන
ADHD නැතිනම් අධි ක්‍රියාකාරීත්වය කියන්නේ අසනීපතත්වයක් බැවින් දරුවන්ගේ අසාමාන්‍ය
හැසිරීම් රටා ළමා වියේදීම හදුනා ගැනීමත් ඒ සදහා සුදුසු පිළියම් යෙදීමත්
වැඩිහිටියන් වන අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමකි.අධික්රියාකාරී තත්වයට පත් වූ
දරුවෙකුට ඖෂධ ලබාදීම මගින් මෙම තත්වය පාලනය කල හැකිය.මෙවැනි දරුවන්ගේ අවදානය මෙන්ම
හැසිරීම් රටා පුහුණු කිරීම සදහා එවැනි දරුවන් වෙනුවෙන්ම විශේෂිත පුහුණුවක් ලැබූ
ගුරුවරයෙක් හෝ මනෝඋපදේශකයකු යටතේ පුහුනුවට යොමු කිරීම මගින් එම ගැටළු අවම කරගැනීමට
හැකිය.
මනෝ උපදේශිකා (අයි .ආර් .එදිරිසිංහ)







