Tuesday, October 30, 2018

මොකක්ද මේ දරුවාගේ අසාමාන්‍ය දගකාරකම.? - (ADHD -Attention Deficit Hyperactive Disorder)







අලියන්ට ළමයින්ට දගලන්ටමයි හිත.. ඕනෑම  දරුවෙක්  දගකාරයි.දගකාරකම කියන්නේ නිරෝගීකමේ ලක්ෂණයක්.නමුත් අසාමාන්‍ය ලෙස ඔබේ දරුවා දගකාරනම් එය අසනීප තත්ත්වක් කියලා ඔබ දන්නවද ?මේ අසමාන්‍ය  දගකාරකම වෛද්‍ය විද්‍යාවේදී හදුනාගෙන තියෙන්නේ අසනීප තත්වයක් කියලයි.අධික්‍රියාකාරී හෙවත් ADHD කියල මෙම අසනීප තත්වය හදුන්වනවා. Attention Deficit Hyperactive Disorder කියල හදුන්වන්නෙත් මේ අසනීපයම තමයි.

මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරී දරුවන් 5% අපි අතරේ සිටිති .
මෙය දරුවාගේ වරදක් නෙවේ.

දෙමාපියන්ගේ වරදක් නිසා එසේ නැතිනම් දෙමව්පියන්ගේ හැසිරීම් රටාවල සිදුවන අඩුපාඩුවක් නිසා සිදු නොවන දෙයකි.මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරීත්වයට හේතුව මොළයේ රසායනික වෙනස් වීමකි.

ADHD  කියන්නේ මොකක්ද?


මොළයේ සිදුවන  රසායනික ද්‍රව්‍යන්ගේ  වෙනස්වීමක් නිසා මෙම තත්වය ඇතිවෙන බව මනෝ වෛද්‍යවරු පවසයි. මේ නිසා දරුවන්ගේ හැසිරීම් හා සිතුවිලි පාලනය කරන මධ්‍යස්ථානය නිසි ලෙස ක්‍රියාකාරී නොවේ.
 
ADHD වල ලක්ෂණ මොනවද?

1.ඌණ අවධානය
2. අධි ක්‍රියාකාරීත්වය
3.ආවේගශීලිබව 


ADHD නැතිනම්  අධි ක්‍රියාකාරී දරුවෙකු හදුනාගන්නේ කෙසේද?




 v  එක තැනක විනාඩි 05ක්වත් ඉන්න බැරිකම.v  අවදානය නොමැතිවීම
v  ආවේගශීලිබව.v  අවදානම් වැඩ කිරීම.v  තරහ පාලනය කරගැනීමට නොහැකිවීම
v  නිතර ප්‍රශ්න ඇසීම.v  තේරුමක් නැතිව කතා කිරීම.v  ඔහුගේ අවස්ථාව එනතුරු සිටීමට නොහැකි වීම.v  කකුල් වේගයෙන් සෙලවීම.v  වැඩක් දුන් විට අවසන්වනතුරු කිරීමට නොහැකිවීම.v  පාසල් පණිවිඩ රැගෙන නොඑම.v  සටහන් වල ඉස්පිලි පාපිලි අඩුවීම.v  පොත් වල සටහන් අසම්පූරණ වීම.v  පංතියේ ඇවිදීම .v තමාගේ පාසල් උපකරණ නිතර අමතක කර පැමිණීම හෝ නැතිකරගැනීම .v  කිසිම තේරුමක් නැතිව දිවීම.v  පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.v  අනෙක් අයට බාධා කිරීම.v  කණ්ඩායමක් සමග සහයෝගයෙන් වැඩකිරීමට අපහසුවීම .v  ඔහුගේ අවස්ථාව එනතුරු සිටීමට නොහැකි වීම.


ADHD දරුවෙකු සදහා කළහැකි ක්‍රියාකාරම් 





v  දරුවාගේ හැසිරීම් නිසා මානසික අවපීඩනයට පත්වීම
v  පාසල් වැඩ කිරීමට දරුවා යොමු කරවා ගැනීමට අපහසුවීම
v  දරුවා සමග වැඩ කිරීමේදී ඔහුට තරහ යාම නිසා ඇතිවන  ගැටළු
v  ගුරුවරුන් නිතරම දරුවා ගැන  පැමිණිලි කිරීම නිසා පීඩනයට පත්වීම
v  අවදානය අඩු කම නිසා ලකුණු මට්‌ටම මෙන්ම අධ්‍යාපනයට උනන්දුව අඩුවීම නිසා පීඩාවට පත්වීම
v  පිරිසක් ඉදිරියේදී දරුවා සිදුකරන දගකාරී හැසිරීම් නිසා අපහසුතාවයට පත්වීම

ADHD ඇතිවීමට බලපාන හේතු



v   බොහෝවිට ජාන මගින්
v   මොළයේ  සිදුවන රසායනික වෙනස්කම්
v   දරුවා ලැබීමට සිටන කාලයේදී මව දුකින් කලකිරීමෙන් හෝ මානසික අවපීඩන තත්වයෙන් සිටීම
v   හිසට සිදුවන අනතුරු
v   දරුවාගේ උපත්බර  අඩුවීම
v   මත් ද්‍රව්‍ය වලට යොමු වී ඇති දෙමාපියන්ගේ දරුවන්
v   දරුවාගේ මොළයේ pre frontal කොටසට හානීවීම
v   ඇතැම් වෛරස් අසාදන නිසා
v   නොමේරූ දරුවන් හා ස්නායු පද්ධතියට ඇතිවන  අසාදන 

ADHD නැතිනම්  අධි ක්‍රියාකාරීත්වය කියන්නේ  අසනීපතත්වයක් බැවින් දරුවන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටා ළමා වියේදීම හදුනා ගැනීමත් ඒ සදහා සුදුසු පිළියම් යෙදීමත් වැඩිහිටියන් වන අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමකි.අධික්‍රියාකාරී තත්වය පත් වූ දරුවෙකුට ඖෂධ ලබාදීම මගින් මෙම තත්වය පාලනය කල හැකිය.මෙවැනි දරුවන්ගේ අවදානය මෙන්ම හැසිරීම් රටා පුහුණු කිරීම සදහා එවැනි දරුවන් වෙනුවෙන්ම විශේෂිත පුහුණුවක් ලැබූ ගුරුවරයෙක් හෝ මනෝඋපදේශකයකු යටතේ පුහුනුවට යොමු කිරීම මගින් එම ගැටළු අවම කරගැනීමට හැකිය.



මනෝ උපදේශිකා (අයි .ආර් .එදිරිසිංහ)

ඔබටත් වැළඳී තිබිය හැකි විෂාදය - Depression

පුද්ගල සබඳතාවන්ට හානි කරන පෞරුෂත්ව ආබාධය

සමාජ භීතිකාව හෙවත් social Anxiety


සමාජ භීතිකාව හෙවත් social Anxiety 





ලැජ්ජාව කියල කියන්නේ අපි කටත් දැනෙන පොදු හැගීමක්.අලුතින් සම්මුඛපරීක්ෂණයකට ,එසේත් නැතිනම් විශ්ව විද්යාලයකදී හෝ ආයතනයකදී යම් ඉදිරිපත්කිරීමක් කරනවිට,අලුත්ම ස්ථානයක නාදුනන පිරිසක්  යනවිට,ඕනෑම කෙනෙකුට යම් ආකාරයකට බයක් ..ලැජ්ජාවක් ඇතිවෙන්න පුළුවන්.

නමුත් "සමාජ භීතිකාව "කියන්නේ සාමාන් ලැජ්ජාවක් නම් නෙවෙයි.
මනෝවිද්යාවට අනුව මෙය තවත් එක් අසනීප තත්වයක් කියලයි අද හදුනාගෙන තියෙන්නේ.

මෙම බය ලැජ්ජාව නිසා ජීවිතය අවුල්වීම ,රැකියාවේ ගැටළු,සමාජයෙන් ඈත්වීම ,එදිනෙදා කටයුතු බිදවැටීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි.

ඇත්තටම මේ සමාජ භීතිකාව කියල කියන්නේ මොකක්ද?

 * මෙය අපට දැනෙන සාමාන් ආතතියක් නම් නෙවෙයි.

 * මෙම තත්වය නිසා ඔබගේ හැගීම් හා හැසිරීම් යන දෙකටම දැඩි ලෙස බලපෑම් ඇතිකරයි.

 * ඔබ තුල ඇතිවන දැඩි ආතතිය නිසයි මෙවැනි තත්වයක් ඇතිවෙන්නේ.

 * ඔබට දැනෙන දැඩි භීතිය නිසා සිදුවෙන රසායනික හා භොතිකයන්ගේ ප්රතික්රියාවක් නිසා සිදුවන දෙයක් .

 * මෙය ඔබේ වරදක් නොවෙයි.


 * මෙම භීතිය නිසා හැගීම් සිතුවිලි හා හැසිරීම් රටවල මෙන්ම ශාරීරිකවද වෙනස්කම් රාශියක් සිදුවෙයි.


ශාරීරිකව සිදුවන  වෙනස්කම් .

* පපුව වේගයෙන් ගැසීම.

* හයියෙන් හුස්ම ගැනීම.

* වැඩිපුර දහදිය දැමීම.

* මුහුණ රතුවීම.

* කට වෙව්ලීම

* වචන පැටලීම.

* වචන අමතකවීම.

* මාංශ පේශීන් තදවීම.

* ඔක්කාරය.

* නිතර wash room  යාමට අවශ් වීම.


හැසිරීම් රටාවේ හා සිතුවිලි වල සිදුවන වෙනස්කම්


* අමුත්තන් අතරට හෝ සමාජයට යාමට බය වීම.


* අන්අය තමාගේ අඩුපාඩු දකීවි කියා සිතීම.


* අන්අය තමාව විනිශ්චය කරාවී කියා බය වීම.

* ඇස් වලින් සම්බන්ද වීමට බයවීම.(poor eye contact )

*  අන් අයගේ දැඩි අවදානය තමාවෙත ලක්වේ යැයි කියා බයවීම.

* අන් අය තමාව පහත්කර සලකාවි කියා සිතීම.
 
        මෙය අසනීප තත්වයක්  යැයි බොහෝ අය සිතන්නේ නැහැ.තමාට ඇතිවෙන බය හා ලැජ්ජාව නිසා මේ තත්වය සාමාන් බව ඔවුන් සිතයි.වෙන්නේ නැහැ. මෙනිසා බොහෝදෙනෙක් මේ සදහා ප්රතිකාර වලට යොමු වෙන්නේ නැහැ.ඔවුන් එවැනි මුහුණ දීමට අපහසු අවස්ථා මගහැරසිටීම හෝ සමාජයෙන් වෙන්වී  හුදකලාව සිටීමට උත්සාහ ගනියි.

සමාජ භීතිකාව ඇතිවෙන්නේ ඇයි?


* මෙයට පාරිසරික හේතු මෙන්ම ජානමය හේතුත් බලපායි.

* ජානවලින් ඇතිවීමට හයි.

       උදා :ඔබගේ පවුලේ ලගම නෑයෙකු හට  මෙවැනි තත්වයක්න් ඇතිනම් ,ඔබටද මෙයට මුහුණදීමට ඇතැම් විට සිදුවෙයි.

 * මොලයේ සිදුවන රසායනික ද්රවයන්ගේ වෙනස්වීම.

* මොලයේ ව්යයුහාත්මක වෙනස්වීම්.

        අපගේ හැගීම් පාලනය කරන මද්යස්ථානවල සිදුවන වෙනස්කම්
         උදා : ඇමෙක්බෙලා කොටසේ සිදුවන ව්යයුහාත්මක වෙනස්වීම්

පාරිසරික වෙනස්කම්

* දෙමපියන්ගේ  දැඩි නීතිරීති මැද ජීවත්වන දරුවන්


* ළමා කාලයේ දරුවන් අවමානයට ලක්වීම.


* ලිංගික අපයෝජන.

* දෙමාපිය ගැටළු

 මෙවැනි ගැටළු ඇති අය නිසි ප්රතිකාර හා නිවැරදි උපදේශනය සදහා යොමු නොවුනහොත් නොයෙකුත් ගැටළු වලට මුහුණ දීමට සිදුවෙයි.


* ජීවිතය අවුල් වීම

* අතම අභිමානය අඩුවීම

* අධ්යාපනය බිදවැටීම

* රැකියා ස්ථානයේ ගැටළු ඇතිවීම

* මිතුරන් අඩුවීම

* විවචනයට බයවීම

* සමාජ කුසලතා අඩුවීම

* අවස්ථාවන් මගහැරීම

* මත්පැනට යොමුවීම

* සමහරවිට සියදිවි නසාගැනීමට උත්සහා කිරීම

මෙහිදී නිසි ප්රතිකාර හා නිවැරදි උපදේශනය ලබාගැනීමෙන් මෙම අසාමාන් ලැජ්ජාව හා බය ක්රමයෙන් නැතිකර ගැනීමට හැකිය.මෙය සාමාන් තත්වයක් ලෙස සිතා ගැන අවධානය යොමුනොකර සිටින්න.නිසි ප්රතිකාර හා නිවැරදි උපදේශනය සදහා යොමුවීම මගින් ඔබගේ සමාජ කුසලතා ඉහල නංවා ගැනීමට හැකිය.