සමාජ භීතිකාව හෙවත් social Anxiety
ලැජ්ජාව කියල කියන්නේ අපි කටත් දැනෙන පොදු හැගීමක්.අලුතින් සම්මුඛපරීක්ෂණයකට ,එසේත් නැතිනම් විශ්ව විද්යාලයකදී හෝ ආයතනයකදී යම් ඉදිරිපත්කිරීමක් කරනවිට,අලුත්ම ස්ථානයක නාදුනන පිරිසක් යනවිට,ඕනෑම කෙනෙකුට යම් ආකාරයකට බයක්
..ලැජ්ජාවක් ඇතිවෙන්න පුළුවන්.
නමුත් "සමාජ
භීතිකාව "කියන්නේ සාමාන්‍ය ලැජ්ජාවක් නම් නෙවෙයි.
මනෝවිද්යාවට අනුව මෙය තවත් එක් අසනීප තත්වයක් කියලයි අද හදුනාගෙන තියෙන්නේ.
මෙම බය ලැජ්ජාව නිසා ජීවිතය අවුල්වීම
,රැකියාවේ ගැටළු,සමාජයෙන් ඈත්වීම ,එදිනෙදා කටයුතු බිදවැටීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි.
ඇත්තටම මේ සමාජ භීතිකාව කියල කියන්නේ මොකක්ද?
* මෙය අපට දැනෙන සාමාන්‍ය ආතතියක් නම් නෙවෙයි.
* මෙම තත්වය නිසා ඔබගේ හැගීම් හා හැසිරීම් යන දෙකටම දැඩි ලෙස බලපෑම් ඇතිකරයි.
* ඔබ තුල ඇතිවන දැඩි ආතතිය නිසයි මෙවැනි තත්වයක් ඇතිවෙන්නේ.
* ඔබට දැනෙන දැඩි භීතිය නිසා සිදුවෙන රසායනික හා භොතිකයන්ගේ ප්රතික්රියාවක් නිසා සිදුවන දෙයක් .
* මෙය ඔබේ වරදක් නොවෙයි.
* මෙම භීතිය නිසා හැගීම් සිතුවිලි හා හැසිරීම් රටවල මෙන්ම ශාරීරිකවද වෙනස්කම් රාශියක් සිදුවෙයි.
ශාරීරිකව සිදුවන වෙනස්කම් .
හැසිරීම් රටාවේ හා සිතුවිලි වල සිදුවන වෙනස්කම්
* අමුත්තන් අතරට හෝ සමාජයට යාමට බය වීම.
* අන්අය තමාගේ අඩුපාඩු දකීවි කියා සිතීම.
* අන්අය තමාව විනිශ්චය කරාවී කියා බය වීම.
* ඇස් වලින් සම්බන්ද වීමට බයවීම.(poor eye contact )
* අන් අයගේ දැඩි අවදානය තමාවෙත ලක්වේ යැයි කියා බයවීම.
* අන් අය තමාව පහත්කර සලකාවි කියා සිතීම.
මෙය අසනීප තත්වයක් යැයි බොහෝ අය සිතන්නේ නැහැ.තමාට ඇතිවෙන බය හා ලැජ්ජාව නිසා මේ තත්වය සාමාන්‍ය බව ඔවුන් සිතයි.වෙන්නේ නැහැ. මෙනිසා බොහෝදෙනෙක් මේ සදහා ප්රතිකාර වලට යොමු වෙන්නේ නැහැ.ඔවුන් එවැනි මුහුණ දීමට අපහසු අවස්ථා මගහැරසිටීම හෝ සමාජයෙන් වෙන්වී හුදකලාව සිටීමට උත්සාහ ගනියි.
සමාජ භීතිකාව ඇතිවෙන්නේ ඇයි?
* මෙයට පාරිසරික හේතු මෙන්ම ජානමය හේතුත් බලපායි.
* ජානවලින් ඇතිවීමට හයි.
උදා
:ඔබගේ පවුලේ ලගම නෑයෙකු හට මෙවැනි තත්වයක්න් ඇතිනම්
,ඔබටද මෙයට
මුහුණදීමට ඇතැම් විට සිදුවෙයි.
* මොලයේ සිදුවන රසායනික ද්රවයන්ගේ වෙනස්වීම.
* මොලයේ ව්යයුහාත්මක වෙනස්වීම්.
අපගේ හැගීම් පාලනය කරන මද්යස්ථානවල සිදුවන වෙනස්කම්
උදා : ඇමෙක්බෙලා කොටසේ සිදුවන ව්යයුහාත්මක වෙනස්වීම්
පාරිසරික වෙනස්කම්
* දෙමපියන්ගේ
දැඩි නීතිරීති මැද ජීවත්වන දරුවන්
* ළමා කාලයේ දරුවන් අවමානයට ලක්වීම.
* ලිංගික අපයෝජන.
* දෙමාපිය ගැටළු
මෙවැනි ගැටළු ඇති අය නිසි ප්රතිකාර හා නිවැරදි උපදේශනය සදහා යොමු නොවුනහොත් නොයෙකුත් ගැටළු වලට මුහුණ දීමට සිදුවෙයි.
* ජීවිතය අවුල් වීම
* අතම අභිමානය අඩුවීම
* අධ්යාපනය බිදවැටීම
* රැකියා ස්ථානයේ ගැටළු ඇතිවීම
* මිතුරන් අඩුවීම
* විවචනයට බයවීම
* සමාජ කුසලතා අඩුවීම
* අවස්ථාවන් මගහැරීම
* මත්පැනට යොමුවීම
* සමහරවිට සියදිවි නසාගැනීමට උත්සහා කිරීම
මෙහිදී නිසි ප්රතිකාර හා නිවැරදි උපදේශනය ලබාගැනීමෙන් මෙම අසාමාන්‍ය ලැජ්ජාව හා බය ක්රමයෙන් නැතිකර ගැනීමට හැකිය.මෙය සාමාන්‍ය තත්වයක් ලෙස සිතා ඒ ගැන අවධානය යොමුනොකර සිටින්න.නිසි
ප්රතිකාර හා නිවැරදි උපදේශනය සදහා යොමුවීම මගින් ඔබගේ සමාජ කුසලතා ඉහල නංවා ගැනීමට හැකිය.




No comments:
Post a Comment